කල්පනාව.


කල්පනා ලොව සරා
නිදි වරා සැතපිලා
ඇස් වසා ගෙන මෙමා
උන්නෙ නුඹ දෙස බලා

නිල්වලා ගඟ වසා
යන්නටා ගොඩගලා
කවි කියාගෙන සොඳා
පද ගොතා ගළපලා

නොයයි නම් කවි සිතින්
ඉගිලිලා පියඹලා
හිඳිමි නුඹෙ ළඟ සදා
තනිකමත් එළවලා

කවිකමින් පුරවලා
හදේ මල් පුබුදවා
ඉඩ දෙන්න මට සදා
නුඹේ ලොව බබලන්න

5 Response to "කල්පනාව."

  1. නිල්වලා ගඟ ගොඩ ගලන්න කියන්නේ එතකොට අපිට මොකැ වෙන්නේ ආ.අපි ඒ මායිමේ ඉන්න මිනිස්සුනේ.. :P

    රස කවි ගොතන්න තව තවත් හැකිවේවා කියල ප්‍රාර්තනා කරනවා.

    Lahiru says:

    ස්තූතියි අක්කෙ.. :) :)

    KR says:

    මෙවන් නිර්මාණ තව තවත් බිහි කරන්නට ඔබට සැප බල ආයුෂ ලැබේවා ලහිරු...

    Lahiru says:

    ස්තූතියි :)

    කොතරම්ම සුන්දරද සිතේ ඇති සිතුවිල්ල....
    ඇගෙව්වේ කවුරුන්ද මා හදට ල0ල0ව....
    තනි වන්න කවිකාර සිතිවිල්ලෙ හැමදාම.....
    ආසයි මටත් සොදුරු කවි වැලක් ගොතාලන්න...

Post a Comment