මුහුණතක මායාව



















බිමට නැවුණු
ඇසක
තෙත
කෙතරම්ද

මුහුණතක සැඟවූ
ඇසක
මඳ එළිය
කාටත් නොපෙනෙන්න.
සඟවන්න.
වළලන්න.
කෙතරම් කල්
ඇහැසිද?

මහා වර්ෂා ගලා
සියලු වළාකුළු
ඉකිබිඳින විටත්
එනෙත
තෙතව
බිමට වැගිරෙන
හිරු රළුව-නපුරුව
ආලෝකය පතුරන විටත්
එනෙත
රතුව වැගිරෙන

මද පවන
මෘදුව
ආදරෙන්
හමා යන විටත්
කවුරුත් නොදැක
එනෙත
මටම අහිමිව
දැවිණි
ඇවිළිණි.

ඒ ගිනි මැදම
තෙතැති ඇස සිනාසෙන
දැන නොදැන
මුහුණතක
මායාව...

4 Response to "මුහුණතක මායාව"

  1. කාටවත් නොපෙනෙන සිතක්.. ??

    විය හැකිය..එනමුදු බිඳුනු හදක්.

    ආදරය කදුලක්ද... දෙනෙත් අගින් ගිලිහෙනා.....
    ආදරය සිතුවමක්ද.... වැටෙන කදුලින් බොදවෙනා....
    ආදරය මිරිගුවක්ද... මා හද රවටනා.....
    ආදරය ඔසුවක්ද... මා හද සනසනා.....
    ආදරය, මුහුනතේ මායාවෙන් සැගවෙනා........

    This is a cool. best detergent in india

Post a Comment