˙·٠•●සිහිනය●•٠·˙
නෙත් කලු වූ නුඹෙ රූපය
පෙනේවිදෝ සිහිනෙන් මට
කන් කලු වූ නුඹෙ නාදය ඇසේවිදෝ සිහිනෙන් මට
සිත් කලු වූ නුඹෙ හදවත
දැනේවිදෝ සිහිනෙන් මට
රන් රසු පරදන නුඹෙ අත
ලැබේවිදෝ සිහිනෙන් මට
හිත මුකුලිත මල්පෙති ගෙන
එකිනෙක විකසිත කරන්න
හද තුල ඇති අඳුරු පැලට
සඳ එලියත් කැන්දවන්න
මා තුල ඇති කවි සිතුවිලි
රහසින් කොඳුරා කියන්න
නුඹ එනවද හැම නින්දෙම
සිහිනය ලස්සන කරන්න