මුල නැති ගස...
එය විශ්මයජනක වෘක්ෂයෙකි
එහි නැත මුල්
මල්ද නොපිපේ
නමුත් එහි
ඵල හට ගනියි
නැත. එහි අතුපතර
එය එකම
තඹර මලක් වැනිය
එහි කුරුල්ලන් දෙන්නෙක්
සුවසේ නිදති
ගුරුවරයා පළමු වැන්නාය
ශිෂ්‍යයා දෙවැන්නාය
ශිෂ්‍යයා ජීවනයෙහි
අනේක ඵල තෝරමින්
රස බලයි
ගුරුවරයා ඔහු දෙස
සතුටු සිතෙන් බලා සිටියි
සියලු රූප මාධ්‍යය
අරූපීත්වය තුල පවතියි
මෙයයි රූප ලෝකයේ අසිරිය..