9:09 AM
Lahiru
,
5 Comments
කල්පනා ලොව සරා
නිදි වරා සැතපිලා
ඇස් වසා ගෙන මෙමා
උන්නෙ නුඹ දෙස බලා
නිල්වලා ගඟ වසා
යන්නටා ගොඩගලා
කවි කියාගෙන සොඳා
පද ගොතා ගළපලා
නොයයි නම් කවි සිතින්
ඉගිලිලා පියඹලා
හිඳිමි නුඹෙ ළඟ සදා
තනිකමත් එළවලා
කවිකමින් පුරවලා
හදේ මල් පුබුදවා
ඉඩ දෙන්න මට සදා
නුඹේ ලොව බබලන්න
නිල්වලා ගඟ ගොඩ ගලන්න කියන්නේ එතකොට අපිට මොකැ වෙන්නේ ආ.අපි ඒ මායිමේ ඉන්න මිනිස්සුනේ.. :P
රස කවි ගොතන්න තව තවත් හැකිවේවා කියල ප්රාර්තනා කරනවා.
ස්තූතියි අක්කෙ.. :) :)
මෙවන් නිර්මාණ තව තවත් බිහි කරන්නට ඔබට සැප බල ආයුෂ ලැබේවා ලහිරු...
ස්තූතියි :)
කොතරම්ම සුන්දරද සිතේ ඇති සිතුවිල්ල....
ඇගෙව්වේ කවුරුන්ද මා හදට ල0ල0ව....
තනි වන්න කවිකාර සිතිවිල්ලෙ හැමදාම.....
ආසයි මටත් සොදුරු කවි වැලක් ගොතාලන්න...