මලී
7:31 AM
සිත්තරා
,
4 Comments
පින්න වැටී නිල් මිණිකැට දිලෙනු බලාපන්
පින්න කැකුළු මල් එකිනෙක පිපෙනු බලාපන්
ගොන්න ගහේ ගහ මුදුනේ ගිරව් බලාපන්
අන්න මලී මල් නෙළනා අගේ බලාපන්
ඔන්න බමරු රොන් උරනා අගේ බලාපන්
කුන්ද සමන් මල් මත් උන් රඟනු බලාපන්
සද්ද නැතුව පා නළවන රඟේ බලාපන්
ලන්ද දිගේ එන මලීගෙ හිනා බලාපන්
නැන්ද මොකද අද පස්සෙන් නැත්තෙ බලාපන්
බැන්ද සේල පට එළියට දිලෙනු බලාපන්
ඉද්ද කැකුළු මල් පරදන ඔමරි බලාපන්
අන්න මලී මා හට අත වනනු බලාපන්
පින්න කැකුළු මල් එකිනෙක පිපෙනු බලාපන්
ගොන්න ගහේ ගහ මුදුනේ ගිරව් බලාපන්
අන්න මලී මල් නෙළනා අගේ බලාපන්
ඔන්න බමරු රොන් උරනා අගේ බලාපන්
කුන්ද සමන් මල් මත් උන් රඟනු බලාපන්
සද්ද නැතුව පා නළවන රඟේ බලාපන්
ලන්ද දිගේ එන මලීගෙ හිනා බලාපන්
නැන්ද මොකද අද පස්සෙන් නැත්තෙ බලාපන්
බැන්ද සේල පට එළියට දිලෙනු බලාපන්
ඉද්ද කැකුළු මල් පරදන ඔමරි බලාපන්
අන්න මලී මා හට අත වනනු බලාපන්
නූතන ජන කවි එකතුවකට
මහඟු වස්තුවක්!!!
අත වනන පැත්තට ගියාට කමක් නෑ පරිස්සමෙන්.............. :D
මලී නෙළන සේපාලිකා හැඩයි කියාපන්
ඒ මල් වල සුවදට හරි ආස කියාපන්
මලී දෙසට යනවිට වට පිටත් බලාපන්
නැන්දා ඇවිත් නුඹ පස්සෙන් සිටි බලාපන්..
බොහොම ස්තූතියි අක්කේ....!