ළමා පත්තර තුනක් විස්සයි !



බසේ යන ඔබ හැමට සරණයි
බුදුන් අදහන දෙවුන් පිහිටයි
කියන්නේ මේ මගේ දිවියයි
ළමා පත්තර තුනක් විස්සයි

හිතේ දුක් සක ඉතින් එමටයි
බඩේ ලුණුබත් පිඬක් පමණයි
උදේ සිට මගෙ කටත් තිත්තයි
ළමා පත්තර තුනක් විස්සයි

රටේ ජීවන තර‍ඟෙ මෙයමයි
ගමේ හිටියොත් බඩේ ගින්නයි
ගෙවන්නේ පෙර කරපු පව්මයි
ළමා පත්තර තුනක් විස්සයි

මගේ කරදර සමා කරමැයි
සොරෙක් සතුරෙක් නොවේ කියමැයි
මගේ ජීවන ගමනෙ වැකියයි
ළමා පත්තර තුනක් විස්සයි

ළමා පත්තර ලැබූ ඔබටයි
අසා සිටි මේ හැමට තුතියයි
ඉතින් සමුදෙමි මෙසේ කියමැයි
ළමා පත්තර තුනක් විස්සයි

8 Response to "ළමා පත්තර තුනක් විස්සයි !"

  1. Unknown says:

    ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්.....ඒත් ඒ ලස්සන ඇතුළෙන් ලොකු දුක්බර කථාවකුත් හැංගිලා තියෙනවා....හොරකම් කරන්නෙ නැතුව,පික් පොකට් ගහන්නෙ නැතුව මේ වගේ දෙයක් කරල කීයක් හරි හොයාගන්න උත්සහා කරන අයට පුළුවන් විදියට සපෝර්ට් එකක් දෙන එක තමයි කරන්න ඕක හොඳම දේ....ආයෙත් කියන්න තියෙන්නෙ හරිම ලස්සන නිර්මාණයක්..(මේක ඔයා කල නිර්මාණයක් නම් තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....පත්තර විකුණන අය කල නිර්මාණයක් නම්..මේ වගේ නිර්මාණ තව තවත් ඔයාගේ බ්ලොගයේ පළකරන්න....)

    මේක මගේම නිර්මාණයක්..බොහොම ස්තූතියි....!

    Anonymous says:

    සරලයි.. ලස්සනයි.. අදහස අනර්ඝයි...

    ස්තූතියි....!

    අවාසනාවට ඈත්ත කථාවක්...........

    වෙනස්ම මාතෘකා වලට කවි රස ගෙනියන බ්ලොග්ස් අඩුයි..ඒ අතරේ ගැන සතුටුයි..මේ සිත්තරා අදින්නේ සිතුවම් නෙවෙයි කවි පද..

    ළමා පත්තර තුනක් විස්සයි..හරිම ලස්සනයි නිර්මාණය .දිගටම ලියන්න.අපි කියවන්න බලාගෙන ඉන්නවා

    බොහොම ස්තූතියි....!

    Thanks for sharing this post with us. best washing machine for borewell water

Post a Comment