ලස්සන වෙන්න


ඔයාල
මල් වලට කැමති ඇති
අපි හැමෝම මල් වලට ආසයි
ඇයි අපි මල් වලට කැමති
අපි ළඟ ලස්සන තියෙන නිසා
ඔබට පුළුවන්ද 
ඔබ ළඟ තියෙන 
ලස්සන
මලක් නැතුව අවදි කරගන්න....
ඔබට ලස්සන වෙන්න
මලක්මද ඕනෙ
ඔබට පුළුවන්ද?
ලස්සන වෙන්න
මනුෂ්‍යයෙක් එක්ක.

කල්පනාව.


කල්පනා ලොව සරා
නිදි වරා සැතපිලා
ඇස් වසා ගෙන මෙමා
උන්නෙ නුඹ දෙස බලා

නිල්වලා ගඟ වසා
යන්නටා ගොඩගලා
කවි කියාගෙන සොඳා
පද ගොතා ගළපලා

නොයයි නම් කවි සිතින්
ඉගිලිලා පියඹලා
හිඳිමි නුඹෙ ළඟ සදා
තනිකමත් එළවලා

කවිකමින් පුරවලා
හදේ මල් පුබුදවා
ඉඩ දෙන්න මට සදා
නුඹේ ලොව බබලන්න

මුල නැති ගස...





















එය විශ්මයජනක වෘක්ෂයෙකි
එහි නැත මුල්
මල්ද නොපිපේ
නමුත් එහි
ඵල හට ගනියි
නැත. එහි අතුපතර
එය එකම
තඹර මලක් වැනිය


එහි කුරුල්ලන් දෙන්නෙක්
සුවසේ නිදති
ගුරුවරයා පළමු වැන්නාය
ශිෂ්‍යයා දෙවැන්නාය


ශිෂ්‍යයා ජීවනයෙහි
අනේක ඵල ‍තෝරමින්
රස බලයි
ගුරුවරයා ඔහු දෙස
සතු‍ටු සිතෙන් බලා සිටියි


සියලු රූප මාධ්‍යය
අරූපීත්වය තුල පවතියි
මෙයයි රූප ලෝකයේ අසිරිය..

නැති වූ මැණික...

මැණික මඩ වගුරෙහි වැටී නැතිවී ඇත.
සැමදෙනා එය සොයති.
සමහරු එය පෙරදිග ඇත්දැයි සොයති.
සමහරු එය බටහිර ඇත්දැයි සොයති.
සමහරු එය ජලයේ සොයති.
සමහරු එය ගල් බොරළු අතර ඇත්දැයි සොයති.
එහෙත් එහි සැබෑ අගය දන්නා තැනැත්තා
එය තම හදවතෙහි සු‍රැකිව තබා සිටින්නේය...

˙·٠•●සිහිනය●•٠·˙

                         නෙත් කලු වූ නුඹෙ රූපය
                                          පෙනේවිදෝ සිහිනෙන් මට
                         කන් කලු වූ නුඹෙ නාදය
                                          ඇසේවිදෝ සිහිනෙන් මට
                         සිත් කලු වූ නුඹෙ හදවත
                                          දැනේවිදෝ සිහිනෙන් මට
                         රන් රසු පරදන නුඹෙ අත
                                          ලැබේවිදෝ සිහිනෙන් මට


                         හිත මුකුලිත මල්පෙති ගෙන
                                          එකිනෙක විකසිත කරන්න
                         හද තුල ඇති අඳුරු පැලට
                                          සඳ එලියත් කැන්දවන්න
                         මා තුල ඇති කවි සිතුවිලි
                                          රහසින් කොඳුරා කියන්න
                         නුඹ එනවද හැම නින්දෙම
                                          සිහිනය ලස්සන කරන්න

කරගන් මා නුඹෙ පාරමිතාව..







                            මා ‍රැගෙන යාමට
                            මගේ කර්මය විසින්
                            දෝලාව එවා ඇත.
                            ඉන් මගේ හද තුටින්
                            ඉපිල යයි
                            එහෙත් දෝලාව ඔසවාගෙන යන්නෝ
                            මඩ දියේ එරෙමින්
                            මා ගෙන යමින් සිටිත්
                            මා දන්නා කිසිවක් නැත
                            හඳුනන්නේ ගෙන යන්නා පමණි
                            මේ සෙනෙහසේ සයුර තරණය කිරීම
                            මහත් දුෂ්කරය
                            මහත් ගැඹුරුය
                            අනන්ත සසරේ
                            පසුපස ආ දෙව්දුව
                            දැන් මා වෙනුවෙන් පැමිණ ඇත
                            මා කෙරෙහි ඇති සෙනෙහස නිසා
                            මුළු ජීවිතයම
                            කැප වෙමින්
                            හඬමින් කඳුළැලි
                            හෙළමින් දහදිය
                            විඳිනා අප්‍රමාණ දුක්ඛයන්ට
                            නොහැක මට නිමකරන්නට
                            ගෙවා නුඹෙ ණය
                            ඉතිරෙන නුඹෙ ආදරය
                            පතමි භව ඇති තුරාවට
                            කරගන් මා නුඹෙ පාරමිතාව
                            රත්තරං
                            අම්මේ...

ලියා තබනෙමි රනින් අකුරින්

                         ගමේ ගෙපැලේ උපන්නත් නුඹ
                         පිලේ හිඳ ලුණු බතින් වැඩුනට
                             කළේ ඒ මහ විකුම් පෙළහර
                             නොවේ අමතක ලක් දනන් හට

                             මහත් ලක්වැසි මව්වරුන් හට
                             අඹුන් දරුවන් පියවරුන් හට
                             ලබා දුන් ඒ උතුම් නිදහස
                             අපේ හද තුල ‍රැඳේ නිබඳව

                             මහත් වූ දුක් සුසුම් නොබලා
                             ගියෙන් නුඹ ඉදිරියට සැමදා
                             කරන් සුනුවිනු සතුරු සේනා
                             ලැබූ ඒ ජය මහත් වටිනා

                             බියෙන් පසුබට නොවී කිසිදා
                             කෙරූ ඒ මහ විකුම් උදෙසා
                             පතන්නේ පිං මහත් බැතිනා
                             නුඹේ මව්පියො නමින් සැමදා

                             එදා පෙර කල  රජුන් විලසින්
                             පුදා ළය ලක් මවුන් නාමෙන්
                             නුඹේ නම ඒ විරුන් විලසින්
                             ලියා තබනෙමි රනින් අකුරින්


"පැටියා" හා "යකින්න"

පණ මෙන් පෙම් කර
පණ මෙන් සු‍රැක
සුරතල් කර
අත් පටලවා
හදවත් එක්කොට
දිගු ගමනක් යාමට පතන
නුඹේ

"පැටියා"
තුල
සැඟව  ඇත්තේ
"යකින්නක්"
බව
වැටහේවි නුඹට
යම් දිනෙක...
.
.


"ඕයි! ගාපං මේ පොල් ටික....."

වඳුරු කුලයක උපන්නත් මම

                        වඳුරු කුලයක උපන්නත් මම
                        දැනේ කුසගිනි නුඹට විලසින
                        පෙර භවෙක කල කරුමෙකට තව
                        ගෙවා යන්නෙමි වඳුරු භවයෙක
                                                              ඇතත් සිතුවිලි පොදි බැඳන් තව
                                                              කරන්නට බෑ නුඹට විලසින
                                                              මිනිස් දිවියේ අරුත මා හට
                                                              දැනේ තව තව මහමෙරක් ලෙස
                        නැතත් රස පිරි අහර සැමවිට
                        ඇඳුම් පැළඳුම් නුඹට විලසින
                        සැහැල්ලුව තනිකමද ‍රැකගෙන
                        ගෙවා යන්නෙමි මගේ දිවි මඟ
                                                              දෙසූ සදහම් සිරි මුණිදුගෙ බණ
                                                              ඇසූවානම් පෙර ආත්මෙක
                                                              කළා නම් පිං පොකුරු බෝ ලෙස
                                                              අදත් මම මනු භවෙක නුඹ ලෙස
                        යදිනෙමි පිං බිඳක් මා හට
                        ඔබේ මනු දිවි තුලින් තුති ගෙන
                        පතන්නෙමි මනු දිවි ලබන්නට
                        දකින්නට මහ නිවන දිනයෙක

ආවඩා ආයුබෝ වේවා...........

හිතේ ඇති කෝළං
කරං තව බෝලං
නොවෙයි එය සෙල්ලං
ලියමි කවි දැන් කරං රෝලං


බොලගුවට එන්ට හිත
වැඩි වේය දිනෙන් දින
හමු වේය තැනින් තැන
වචන සෙට් එක කවි ලියන්නට


නැතත් ලොකු හැකිකමක්
ලියන්නට කවි දෙක තුනක්
සේකරගෙ සෙල්ලං
දමන්නට ට්‍රයි කරමි තාමත්


දකින විට අන් බොලගු
ඇදෙයි මගෙ හිතේ නෙතු
ලියන්නට මගේ තතු
ඇරඹුවෙමි මම ඊ බොලගු


ආවඩා ආයුබෝ වේවා...........!!!