වඳුරු කුලයක උපන්නත් මම

                        වඳුරු කුලයක උපන්නත් මම
                        දැනේ කුසගිනි නුඹට විලසින
                        පෙර භවෙක කල කරුමෙකට තව
                        ගෙවා යන්නෙමි වඳුරු භවයෙක
                                                              ඇතත් සිතුවිලි පොදි බැඳන් තව
                                                              කරන්නට බෑ නුඹට විලසින
                                                              මිනිස් දිවියේ අරුත මා හට
                                                              දැනේ තව තව මහමෙරක් ලෙස
                        නැතත් රස පිරි අහර සැමවිට
                        ඇඳුම් පැළඳුම් නුඹට විලසින
                        සැහැල්ලුව තනිකමද ‍රැකගෙන
                        ගෙවා යන්නෙමි මගේ දිවි මඟ
                                                              දෙසූ සදහම් සිරි මුණිදුගෙ බණ
                                                              ඇසූවානම් පෙර ආත්මෙක
                                                              කළා නම් පිං පොකුරු බෝ ලෙස
                                                              අදත් මම මනු භවෙක නුඹ ලෙස
                        යදිනෙමි පිං බිඳක් මා හට
                        ඔබේ මනු දිවි තුලින් තුති ගෙන
                        පතන්නෙමි මනු දිවි ලබන්නට
                        දකින්නට මහ නිවන දිනයෙක

4 Response to "වඳුරු කුලයක උපන්නත් මම"

  1. හොඳයි....මචං

    වදුර කුලයක ඉපදුනත් අද
    හිතට සතුටුයි නුබේ කවි දැක
    පෙරුම් පුරනෙමි මිනිස් කුලයක
    ඉපදිලා නුබේ සොයුරු වන්නට (වදුරා ලියු කවි)

    නියමයි ...!!!
    වදුරා ගැන පුදුම විදියට හිතල නේ ඔයා.දිගටම ලියන්න..

    Lahiru says:

    සිතූතියි.... :)

    neon says:

    maXaa !!! keep it up macho

Post a Comment