ආවඩා ආයුබෝ වේවා...........

හිතේ ඇති කෝළං
කරං තව බෝලං
නොවෙයි එය සෙල්ලං
ලියමි කවි දැන් කරං රෝලං


බොලගුවට එන්ට හිත
වැඩි වේය දිනෙන් දින
හමු වේය තැනින් තැන
වචන සෙට් එක කවි ලියන්නට


නැතත් ලොකු හැකිකමක්
ලියන්නට කවි දෙක තුනක්
සේකරගෙ සෙල්ලං
දමන්නට ට්‍රයි කරමි තාමත්


දකින විට අන් බොලගු
ඇදෙයි මගෙ හිතේ නෙතු
ලියන්නට මගේ තතු
ඇරඹුවෙමි මම ඊ බොලගු


ආවඩා ආයුබෝ වේවා...........!!!

7 Response to "ආවඩා ආයුබෝ වේවා..........."

  1. බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නෙමු

    හා පැටික්කිගෙනුත් සුභ පැතුම්......!!!!

    Lahiru says:

    ස්තූතියි.......ආයුබෝවන්....

    ඉදිරියටම යමු,... සුභ පැතුම්!!!

    ආවඩා ආයුබෝ වේවා...........!!!

    කවිකර කම හිත පුරවගෙන
    දසක් සිතුවිලි පතිරු පුරවගෙන
    හෙලයෙන් වනන්නට තුටින
    පිලිගමි ඔබව හදපිරි උනුසුමින

    elaaaaaaaaaaaaaa

    arayumai...obata kerena....
    karannata siththam.....
    soduru sithuwili wali.....

Post a Comment