ලියා තබනෙමි රනින් අකුරින්

                         ගමේ ගෙපැලේ උපන්නත් නුඹ
                         පිලේ හිඳ ලුණු බතින් වැඩුනට
                             කළේ ඒ මහ විකුම් පෙළහර
                             නොවේ අමතක ලක් දනන් හට

                             මහත් ලක්වැසි මව්වරුන් හට
                             අඹුන් දරුවන් පියවරුන් හට
                             ලබා දුන් ඒ උතුම් නිදහස
                             අපේ හද තුල ‍රැඳේ නිබඳව

                             මහත් වූ දුක් සුසුම් නොබලා
                             ගියෙන් නුඹ ඉදිරියට සැමදා
                             කරන් සුනුවිනු සතුරු සේනා
                             ලැබූ ඒ ජය මහත් වටිනා

                             බියෙන් පසුබට නොවී කිසිදා
                             කෙරූ ඒ මහ විකුම් උදෙසා
                             පතන්නේ පිං මහත් බැතිනා
                             නුඹේ මව්පියො නමින් සැමදා

                             එදා පෙර කල  රජුන් විලසින්
                             පුදා ළය ලක් මවුන් නාමෙන්
                             නුඹේ නම ඒ විරුන් විලසින්
                             ලියා තබනෙමි රනින් අකුරින්


2 Response to "ලියා තබනෙමි රනින් අකුරින්"

  1. Admin says:

    නොවන්නට ඔබ අද අපට සැමරැමක් තියා ඉන්න හිටින්නටවත් තැනත් නොමැත

    අපි www.sriwow.info

    Anonymous says:

    උතුම් නිදහස ගැන සිතා
    රණ බිමේ යුධ කළ විරුවන් එදා
    දෙව් බඹුන් සේ සිතා
    මලින් පහනින් පිදූවත් මෙදා
    නොවේ පව් කිසිත් සැමදා

Post a Comment