කරගන් මා නුඹෙ පාරමිතාව..







                            මා ‍රැගෙන යාමට
                            මගේ කර්මය විසින්
                            දෝලාව එවා ඇත.
                            ඉන් මගේ හද තුටින්
                            ඉපිල යයි
                            එහෙත් දෝලාව ඔසවාගෙන යන්නෝ
                            මඩ දියේ එරෙමින්
                            මා ගෙන යමින් සිටිත්
                            මා දන්නා කිසිවක් නැත
                            හඳුනන්නේ ගෙන යන්නා පමණි
                            මේ සෙනෙහසේ සයුර තරණය කිරීම
                            මහත් දුෂ්කරය
                            මහත් ගැඹුරුය
                            අනන්ත සසරේ
                            පසුපස ආ දෙව්දුව
                            දැන් මා වෙනුවෙන් පැමිණ ඇත
                            මා කෙරෙහි ඇති සෙනෙහස නිසා
                            මුළු ජීවිතයම
                            කැප වෙමින්
                            හඬමින් කඳුළැලි
                            හෙළමින් දහදිය
                            විඳිනා අප්‍රමාණ දුක්ඛයන්ට
                            නොහැක මට නිමකරන්නට
                            ගෙවා නුඹෙ ණය
                            ඉතිරෙන නුඹෙ ආදරය
                            පතමි භව ඇති තුරාවට
                            කරගන් මා නුඹෙ පාරමිතාව
                            රත්තරං
                            අම්මේ...

4 Response to "කරගන් මා නුඹෙ පාරමිතාව.."

  1. dick says:

    ගෙවා නිමකල හැක ඒ ණයමිතුර...
    අවබෝධ කරගන්න උර දීමෙන් ඇයට...
    දුක,දුකට හේතුව හා එය නැති කිරීමේ එකම මග...
    හෙවත් විශ්වයේ පරම සත්‍ය!

    Iyan says:

    really nice verses they are.u r so creative man :)

    නියමයි..!!!ඔයා ලියන විදිය වෙනස්.ලස්සනයි.දිගටම ලියන්න.

    පතමි භව ඇති තුරාවට
    කරගන් මා නුඹෙ පාරමිතාව
    රත්තරං අම්මේ...

    sexy says:

    සන්සාරෙ මා දුටු ඒ රුව පින්බර අම්මා

Post a Comment